මුළු ඉන්දියාව රත්වෙන්න ඉන්දියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් කල වැඩක්

මේ කියන්න යන්නේ අපේ ක්‍රිකට් හතුරෝ වෙන ඉන්දියාවේ පොරක් කරපු සුපිරි වැඩක් ගැන

මුම්බායි ඉන්දියන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් අතර පසුගියදා පැවති තරගයේදී අරුම පුදුම දෙයක් වී තිබෙනවා ඒ .ඉන්දියානු ප්‍රේක්ශකයෙක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් වෙනුවෙන් බෝඩ් එකක් ප්‍රදර්ශනය කර තිබේ. ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සංගක්කාර පිලිබඳවයි

එම සටහන සහා වීඩියෝව පහතින් බලන්න

සුපිරි ශ්‍රී ලාංකේය ක්‍රීඩකක් ලෝක ක්‍රිකට් කණ්ඩායමට නම්කරයි

ක්‍රිකට් කියනේ ලංකාවේ අපි ගොඩක්ම ආදරය කරන ක්‍රීඩාවනේ කුරු කොම කිවත් ලෝකේ ඕනෑම කනදායමකට ගහන්න පුළුවන් කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා ඒ වගේම ලෝකේ දක්ෂම ක්රිදකොයෝ ඉන්න රටක් තමයි .

බටහිර ඉන්දීය කොදෙව්හි ක්‍රිකට් ක්‍රීඩාංගන කිහිපයක් විනාශ කරමින් ඇමරිකාව සහ බටහිර ඉන්දීය දූපත් වලට බලපෑ හරිකේන් චණ්ඩ මාරුතයෙන් ඇමරිකාවට වගේම බටහිට ඉන්දීය දුපත් වලට දැඩි විනාශයක් සිදු වුණා. එම විනාශ වූ ක්‍රීඩාංගන යලි යථා තත්ත්වයට පත්කිරීම සදහා අරමුදලක් ඇති කිරීමේ අරමුණෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි 20 තරඟයක් සංවිධාන කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කණ්ඩායම් දෙක අතර තරඟය මැයි මස 31 වෙනිදා ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එහිදී ලෝක කණ්ඩායමේ නායකයා ලෙස එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් නායක ඔයින් මෝර්ගන් නම් කර තිබෙනවා. ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ආරාධනා ලබා ඇත්තේ තිසර පෙරේරා. පකිස්ථානයෙන් සහිඩ් අෆ්රිඩිට සහ ෂොයිබ් මලික්ට ලෝක කණ්ඩායම සදහා ආරාධනා ලැබී ඇති බවයි වාර්තා වන්නේ

කවුද කිව්වේ මම බෝල දාන්නේ නැ කියලා. මම ආයෙත් සෙල්ලම් කරනවා – කාලෙකට පස්සේ මැතිව්ස් කට අරියි

මැතිව්ස් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් බව හැමෝම දන්නවා කොම උනත් පහු ගිය කාලවල ඔහුගේ අසාර්ථක වීමත් සමග විවිධ කට කතා පැතිරුනා

ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය කාලයේ වඩාත්ම අභාදයට ලක්වූ ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි සීමිත පන්දුවාර තරඟවල ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයා වන ඇන්ජලෝ මැතිව්ස් නැවත තරඟකාරී ක්‍රිකට් පිටියට සුපිරි පළාත් තරඟාවලිය සමඟ පිවිසීමට සුදානමින් සිටින අතර තරඟාවලියේ පළමු තරඟ දෙක මැතිව්ස්ට ආභාද තත්වය නිසා මඟ හැරුණි.

මැතිව්ස් නැවත ක්‍රිකට් පිටියට පැමිණියද ඔහු පිතිකරුවෙකු ලෙස පමණක් යොදා ගැනීමට සැලසුමක් ඇති බව පසුගියදා ජාතික තේරීම් කමිටු සභාපති වරයා පවසා තිබුන අතර ක්‍රීඩකයන් කළමනාකරණය කරමින් ඉදිරි තරඟ සඳහා යොමු වීමේ සැලසුම යටතේ මැතිව්ස්ට පන්දු යැවීම නතර කරන ලෙස උපදෙස් දෙන්නට සිදුවූ බවද ලැබ්රෝයි පවසා තිබිණි.මෙම තත්වය පිළිබඳව අදහස් දක්වමින් මැතිව්ස් පවසා ඇත්තේ එම තීරණය කෙටි කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මක වනු ඇති බවය.අයිලන්ඩ් සමඟ අදහස් දක්වමින් මැතිව්ස් පවසා ඇත්තේ ලෝක කුසලානය වෙත යනවිට නැවත පන්දු යවනෙකු ලෙසකටයුතු කරන්නට තමා අපේක්ෂා කරන බවය.

“මම මේ දිනවල නැවත කණ්ඩායමට ඇවිත් ක්‍රීඩා කිරීම ගැන අවධානය යොමු කරලා තියෙන්නේ,පන්දු යවන්නෙක් විදියට ඉදිරි මාස කීපය කටයුතු කරන්න අදහසක් නෑ.හැබැයි ඒ ක තාවකාලික නැවතීමක් විතරයි,ඉදිරි තරඟාවලිවල සෙල්ලම් කරන විදිය බලල නැවත පන්දු යවන්නෙක් විදියටත් කටයුතු කරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ.ඉදිරි තරඟාවලි වල අභාදයක් නැතුව ක්‍රීඩා කරන්න ලැබුනොත් ලෝක කුසලානය කිට්ටු වෙද්දී නැවත පන්දු යවන්නෙක් විදියටත් කණ්ඩායමට මගෙන් වෙන්න ඕන දේ කරන්න පුළුවන් වෙයි.”

ඇන්ජලෝ එක්දින පන්දු යවන්නෙකු ලෙස කඩුලු 100 කට වඩා දවාගෙන ඇති අතර ඔහු පන්දු වාරයකට ලබා දී තිබෙන ලකුණු ප්‍රමාණය මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් අතරින් අඩුම ලකුණු අගය ලෙස වාර්තා වන අතර මේ නිසා එක්දින තරඟ සහ T20 තරඟවල මතිව්ස්ගෙන් ලැබෙන පන්දු වාර කිහිපය ශ්‍රී ලංකාවට ඉතා වටිනා පන්දු වාර කිහිපයක් ලෙස හැඳින්විය හැක.

මේ වන විට එක්දින සහ T20 තරඟවල ශ්‍රේණිගත කිරීම් වල අටවන ස්ථානය දක්වා පසුබැස සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ඉහල ස්ථානයක් දක්වා ගෙන ඒම ගැනද මැතිව්ස් මෙහිදී අදහස් දක්වා තිබිණි.”ඇත්තටම අපි ඉන්න තැන ඒ තරම් හොඳ නෑ,අපි ඒ ගැන අපේ පුහුණුකරුවෝ එක්කත් ගොඩක් කතා කලා.අපි උත්සාහ කරන්න ඕන,ඉස්සරහට තියන හැම තරඟයක්ම තරඟාවලියක් ම හොඳට කරලා,ලෝක කුසලානයට යද්දී හොඳ මට්ටමින් යන්න,එතැනදී සමහර ක්‍රීඩකයෝ ආරක්ෂා කරගෙන තමයි අපි ගමන යන්න වෙන්නේ.”

රට ඉඳන් ලංකාවට එන රත්ත්‍රන් වලට 17 ඉදන් සිදුවෙන දේ මෙන්න කවදාවත් නොකළ දෙයක් වෙයි

රත්තරනේ මේ කියන්න යන්නේ රත්තරන් ගැන ඔන්න දැන් කට්ටිය රත්තරන් ගන්නවානම් ඉක්මනට ගන්න රත්තරන් එකට හේතුව තමයි මේ කියන්න යන්නේ

රත්තරං මිලදී ගන්න පාවිච්චි කරන්න හුග දෙනෙක් කැමතියි. එකත් ටිකක් අඩු මිලට ගන්න තියෙනවානම් තවත් කැමතියි. නමුත් අපි මේ කියන්න සූදානම් වන්නේ සතුටුදායක ආරංචියක් නම් නෙවෙයි. ඒ ආනයනික රත්‍රං මත වටිනාකමින් සියයට 15 ක තීරු බද්දක් පැනවීමට රජය තීරණය කර තිබෙන බවයි. අප්‍රේල් මස 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ.

මේ වනතුරු ආනයනික රත්‍රං සඳහා වටිනාකම මත බද්දක් අය කරන ක්‍රමවේදයක් පැවතුණේ නැහැ.

 

ලොවම කම්පාකල දඬුවම – මේ කතාව අහන ඔයාලගේ ඇස් වලටත් කඳුලක් උනන බවනම් සත්තයි

මේ කතාව ඇතින්නියක් ගැනයි මරි නමින් හඳුන්වන මේ ඇතින්නිය ලෝක ප්‍රසිද්ධ සර්කස් කණ්ඩායමක් වන Sparks World එකේ හිටපු දක්ෂම අතින්නියයි.

නමුත් කිසිවෙකුට හිතාගන්නවත් බැරි දඬුවමක් මේ අතින්නියට හිමිවෙනවා. ඒ 1916 දී මෙයාගේ පුහුණුකරුව ඝාතනය කිරිමේ වරදට ප්‍රසිද්ධියේ එල්ලා මරණවා.. ඒ සිදුවීම ගැන කියන කතාවයි.. මෙන්න බලන්නකෝ විස්තරේ

සියලු දෙනා කම්පා කල දින ගනානාවක් බිත්තිය ඇතුලෙන් අමුතු අමුතු ශබ්දය

මේ සිදුවීම වෙලා තියෙන්නේ නයිජීරියාවේ ඔන්ඩෝ කියන ප්‍රාන්තයේ ඔඩුදුව කියන නගරයේ. මෙහි වාසය කරලා තියෙනවා අවුරුදු 12ක දගකාර පුංචි පුතෙක්. මෙයාව බලා ගන්න ඉදලා තියෙන්නේ එයාගේ ආච්චි අම්මා.

ඉතින් පහුගිය දවසක මේ පුංචි පුතා තනියම ලග කඩේකට ගිහින් තියෙනවා. ගිහින් එන ගමන් එක්තරා නිවසක බිත්තියක් හා ඒ අසලම බැදලා තිබුණු තාප්පයක් අතර පුංචි හිඩැසකට මේ දරුවා රිංගලා.
යන්තම් රිංගලා ඇතුලට ගියපු පුංචි පුතාට ආයේ එලියට එන්න නම් බැරි වෙලා. ඒ තරමටම මේ හිඩැස ගොඩක් පටු තිරයක්. මේ විදියට ඔහු දින 3ක් මේක ඇතුලේ හිර වෙලා ඉදලා තියෙනවා.

බිරිඳ ඇතුළු දරුවන් සිව් දෙනා සමඟ සසුන්ගතවුන වලපනේ අභයරතන හිමියන්ය

බිරිඳ ඇතුළු දරුවන් සිව් දෙනා සමඟ සසුන්ගතවුන හිමිනමක් ගැන තමයි මේ කියන්න යන්නේ  උන්වහන්සේ වැලිකන්ද, මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩවාසය කරන වලපනේ අභයරතන හිමියන්ය.

විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය මෙන්ම විහාරස්ථානයට පිවිසුම් පඩිපෙළ ඇතුළු අත්‍යවශ්‍ය කොටස් ඉදිකිරීමට තම දෑතින්ම බදාම සිමෙන්ති මිශ්‍ර කිරීම නිසා අභයරතන හිමියන්ගේ දෑතේ ඇඟිලිද තුවාල වී ඇති අයුරු අපට දක්නට ලැබිණි.

වලපනේ, නිල්දණ්ඩාහින්න ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. අබේසේකර සහ ජී.ඩබ්ලිව්. සිරියාවතී යන පින්බර යුවළට දාව උපන් දරුවන් සිවුදෙනාගෙන් තිදෙනෙක් 2004 වසරේදී පළමුව සසුන් කෙතට ඇතුළත් වූහ.

ඒ අලව්ව, වැදිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උස්සාපිටියේ පඤ්ඤාරංසි නායක හිමියන්ගේ උපදේශකත්වයෙනි.
වලපනේ ධම්මවංශ, වලපනේ අරියවිමල, වලපනේ පඤ්ඤාධීර නමින් ඔවුන් සසුන්ගත වී ඇති අතර මේ වන විට උන්වහන්සේ වයස අවුරුදු 24, 21 සහ 18 වියෙහි පසුවෙති.

අනතුරුව 2004 වසරේදී මහරගම පඤ්ඤාතිලක මහ පිරිවෙනේ අනුනායක විමලබුද්ධි නාහිමියන්ගේ අතින් වලපනේ අභයරතන, වලපනේ ධම්මචේතනා සහ වලපනේ සුබෝධි යනුවෙන් පියාත්, මවත්, බාල පුතුත් සසුන් කෙතට ඇතුළත් වූහ.

වලපනේ අභයරතන හිමියන්ගේ වයස අවුරුදු 49කි. වලපනේ ධම්මචේතනා මෙහෙණින් වහන්සේගේ වයස 44ක් වන අතර උන්නාන්සේ මේ වන විට කුරුවිට වාලුකාරාම ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ වාසය කරති. 14 වියෙහි පසුවන වලපනේ සුබෝධි හිමියෝ මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ වැඩ වාසය කරති.

“මහත්තයෝ මගේ මුළු පවුලම පැවිදි වුණා. බුදු දහම පවත්වාගෙන යෑම ඉතා වැදගත්. මම ගිහි කල හම්බ කරපු සියලු දේවල් ශාසනයට පූජා කළා. මගේ අයිතියට තිබූ නිවෙසත්, ගොඩ ඉඩමත් විකුණලා ඒ මුදල්වලින් මේ පන්සලේ අඩුපාඩු හදනවා. දැන් අවුරුදු 03ක ඉඳලා මේ පන්සලේ මම වැඩවාසය කරනවා. සිමෙන්ති බදාම අනලා මගේ අතත් තුවාල වුණා. මට මේසන් වැඩ, වඩුවැඩ හොඳට පුළුවන්. මේ පළාතේ දායකයන්ටත් තියෙන ආර්ථික ගැටලු නිසා මම හිතුවා මම ගිහි කාලේ හම්බ කරපුවා ශාසනයට පූජා කරන්න. ඒ නිසා මම දායකයන්ට කරදර නොකර බදාම, සිමෙන්ති අනලා බෝධි ප්‍රාකාරයයි, පන්සලේ අඩුපාඩු ටිකයි මමම හදනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම සේවය කරනවා.

දැන් ආරියවිමල හාමුදුරුවෝ රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. පඤ්ඤාධීර හාමුදුරුවෝත් විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නවා. මම විහාරස්ථන පහක හයක වැඩ වාසය කළා. සිංහරාජයේ වසර 04ක් වනවාසීවත් හිටියා. දැන් ඉතින් මේ දුෂ්කර පන්සල දියුණු කරගෙන වැඩ ඉන්නවා. මේ පළාතේ සමහර පන්සල්වල භික්‍ෂුන් වහන්සේට කිසි පහසුකමක් නැහැ. රජයේ අවධානය යොමු වුණොත් ලොකු පිනක්” වලපනේ අභයරතන හිමියෝ පැවැසූහ

අගමැති ලෝක වාර්තාවකට මුල පුරයි අගමැති කඩුව අතට ගනියි

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීන් විසින් අර්තාපල්වලින් සකසන ලද ලෝකයේ දිගම අර්තාපල් කේක් ගෙඩිය නිර්මාණය කිරීමට පසුගියදා සමත් වුනා. අර්තාපල් බහුලව යොදාගෙන නිර්මාණය කළ මෙම කේක් එක සඳහා රුපියල් තුන්ලක්ෂ දසදහසක පමණ මුදලක් වැය වී ඇති අතර එය මීටර් 111ක දිගකින් හා කිලෝ 380ක බරකින් යුක්තවනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී පසුගිය 15 වනදා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය එළිමහනේ සකසා තිබූ මෙම විශාල අර්තාපල් කේක් ගෙඩිය එළිදැක්වීම සිදුකෙරුණා.

මෙම අර්තාපල් කේක් ගෙඩිය සැකසීමට නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල්ක ළමනාකාරීත්වය තීරණය කර ඇත්තේ සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය කිරීම සහ අර්තාපල්වල අගය වැඩි කිරීම අරමුණු කරගනිමින්.

මෙම අර්තාපල් කේක් එක එළිදැක්වීමේ අවස්තාව සඳහා නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු ග්‍රෑන්ඩ් හෝටල් කළමනාකාරීත්වය හා සූපවේදීහු එක්ව සිටි අයුරු දැකගත හැකි වුනා.

මේ එහි ඡායාරූප කිහිපයක්…

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දුව මුරලිගෙන් විදෙස් මාධ්‍ය ඉදිරියේ හදිස්සියේම සැර කතාවක්

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පහුගිය කාල වල උදා වෙලා තිබුණු තත්වයනම් එච්චර හොද එකක් නෙවෙයි මේ පිළිබද විවිධ මත ඉදිරිපත් වුනා කොම වුනත් ලෝක පුජිත ක්‍රිකට් තරුවක් වන මුරලි පහු ගිය දවසක මේ පිලිබඳ ප්‍රකාශයක් කරලා තියනවා

දේශාපාලඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය මේ වනවිට දැඩි අර්බුදකාරි තත්ත්වයට පත්ව ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

ඉන්දියාවේ පුවත්පතකට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2014 වසරේ පන්දුවාර 20 යි 20 ලෝක කුසලානයේ සහ 2011 වසරේ එක්දින ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟය පැමිණීමට හැකිවූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වනවිට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වී ඇත්තේ දේශපාලන මැදිහත්වීම් නිසා බවයි.

පසුගිය වසරක කාලයක් තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ක්‍රීඩකයින් 60 දෙනෙකු පමණ හඳුන්වාදුන් නමුත් ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන යාමට නොහැකිවීම කණගාටුදායක කරුණක් බව ද මුත්තයියා මුරලිදරන් එහිදී සඳහන් කළා.

ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මීට පෙර ක්‍රීඩකයන් සතුව තිබූ ආත්ම විශ්වාසය මේ වනවිට ගිලිහී ගොස් ඇති බවයි.

එයට මෙම තත්වය ප්‍රබල හේතුවක් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

මේ අතර තමන් එක්දිනකදී විශිෂ්ඨ පන්දු යවන්නෙක් නොවූ බවත් ඒ සඳහා වසර ගණනාවක් කැපවීමෙන් ක්‍රීඩා කළ බවද ඔහු පෙන්වාදෙනවා.

එහිදී එකළ සිටි නායක අර්ජුන තමන් ආරක්ෂා කරමින් තමන් දිරිමත් කළ බවද ඔහු සඳහන් කර තිබෙනවා.

වත්මන් ක්‍රීඩකයන් පන්දුවට පහරදීමට පවා බියවී ඇති අතර එක් තරඟයකට හොඳින් ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් මීළඟ තරඟය අහිමි වීමේ අවධානමක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වත්මන් ක්‍රීඩාවට බලපෑම් එල්ලකරන දේශාපාලඥයන් ක්‍රීඩාව පිළිබඳව කිසිදු හෝ දැනුමක් නොමැති වීම අවසානවන්ත තත්වයක් බවයි ඔහු පවසන්නේ

කවුද මේ..? වැල්ලවත්ත ප්‍රදේශයේ රාත්‍රියේ තනියෙම වාහනය ගෙනයනවනම් මොහුගෙන් ප්‍රවේශම් වෙන්න

රාත්‍රියේ වාහන පදවන අයට තමයි මේ නිව්ස් එක ගෙනාවේ හොරු වංචාකාරයෝ රාත්‍රියට එලි බහින එක අරුමයක් නෙවෙයිනේ අපි මේ කියන්නේ අපිට ආරංචි වුනු ඒ වගේ පුවතක් ගැන

ඔබත් මහ රෑට තනියම වාහනය පදවන් යනවාද?රාත්‍රියට ගමන්කරන වාහන බලෙන්ම නවත්වලා කප්පම් ගන්න හදන පිරිසුත් ඔබට සමහරවිට හමුවෙලා ඇති.අපි මේ කියන්න යන්නේ වැල්ලවත්ත ප්‍රදේශයේ එහෙම සැරිසරන පුද්ගලයෙක් ගැන.

මොහු රාත්‍රියේ පාරේ යන වාහන මැද්දට ඇවිත් බලෙන් වාහන නවත්වන්න හදනවා.මේ ගැන මුහුණුපොතෙත් වීඩියෝවක් හුවමාරු වෙමින් පවතිනවා.මේ එම වීඩියෝවයි.

වීඩියෝව පහතින් බලන්න

HELL NO! I'm going back!

මේ කවුද? මොනවද කරන්නේ? රාත්‍රියේ තනියම වාහනේ ගෙනියනවනම් ප්‍රවේසම් වන්න 😱 #SLtraffic_Beware

Geplaatst door Sri Lankan Traffic Violations op maandag 16 april 2018